spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආදරය කරන මුවාවෙන් තරුණියකට අතවර කළ තරුණයෙක් සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ අවුරුදු 19ක තරුණියක් වන අතර, මෙම සිද්ධියෙන් පසු ඇති වූ දැඩි කම්පනය හේතුවෙන් කිසියම් පෙති වර්ගයක් පානය කර ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

නවගත්තේගම නගරයේ පුද්ගලික ආයතනයක සේවය කරන මෙම තරුණිය මිත්තණිය සමඟ කුලී පදනම මත එම ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

ඇය පසුගිය දිනක අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබාගැනීමට ආණමඩුව නගරයට පැමිණෙන අවස්ථාවේ දී අදාළ තරුණයාව හඳුනාගෙන තිබෙනවා.

එලෙස දැන හඳුනාගත් පසු දෙදෙනා කලක් ඇසුරුකර ඇති අතර, පසුගිය දිනක තරුණයා විසින් තරුණියට පවසා ඇත්තේ තමන් ඇයට දැඩිව ආදරය කරන බවයි.

ඒ, පිළිබඳව කතාබස් කර ගැනීම සඳහා පසුගිය 15 වනදා (පෙරේදා) දින තමන්ව හමුවීමට පැමිණෙන ලෙස තරුණයා තරුණියට පවසා තිබෙනවා.

එලෙස පැමිණි තරුණියව ආණමඩුව නගරයේ වැව රවුමට කැදවාගෙන ගොස් ඇති තරුණයා එහිදී ඇයට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නිවසට පැමිණ ඇති තරුණිය සිදුවූ සිද්ධිය පිළිබඳව පියාට පවසා ඇති අතර, අනතුරුව ඇය නාන කාමරයට ගොස් එහි තිබූ කිසියම් පෙති වර්ගයක් පානය කර තිබෙනවා.

අනතුරුව තරුණියගේ මව්පියන් විසින් ඇයව ප්‍රථිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?