ආණ්ඩුව හිතනවා ඔවුන් වර්තමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා- නාමල් කියයි

අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (20) අලුයම ඒ මහතාගේ දේහය ටහාපත් කර ඇති එප්පාවල කටියාව පිහිටි නිවසට පැමිණ සිටියා.

දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ පිරිස් වෙත සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී නාමල් රාජපක්ෂ විසින් මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.

අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ ගැටළු පිළිබද අවබෝදයකින් යුතුව කටයුතු කළ බවත් ඔහුගේ වියෝව පිළිබද ශෝකය පලකරන බවත් නාමල් රාජපක්ෂ පවසා සිටියා.

පවතින දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මේ වන විට ආණ්ඩුව සිතනුයේ ඔවුන් කොළඹදී වර්තමානයේ ආශ්‍රය කරන පිරිස අතර පමණක් දේශපාලනය පවතින බවත් ආපදා තත්ත්වයෙන් විපතත පත් ගම්වල ජනතාව කෙරෙහි සහ එඅ ජනතාවගේ ගැටළු විසඳීම කෙරෙහි උනන්දුවෙන් කටයුතු නොකරනා බවයි.

මේ අතර අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍යය, දුමින්ද දිසානායක ද පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26