ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදේශ ගතවීමේ දී සීමාවක්

පාර්ලිමේන්තුව රැස්වන දිනවල දී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම දිනවල දී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී හැර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?