ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9 සහ 10

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පැවතී පක්ෂ නායක රැස්වීමේදී යි මේ බව තීරණය වී ඇත්තේ.

මේ අනුව ලබන 9 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී පාර්ලිමේන්තුවට යථාපරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පස්වරු 5 දක්වා පැවැත්වෙනු ඇති.

ඉන්පසු පෙබරවාරි 10 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?