ආගමික නායකයින්ගේ මඟපෙන්වීම රජයට ඉතා වැදගත් – අගමැති හරිනි

රජය මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින බවත්, එම නව යුගය වෙනුවෙන් ජනතාව වෙත පුළුල් සමාජීය මෙහෙවරක් සිදු කරන ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයින්ගේ මඟපෙන්වීම, අනුශාසනා සහ උපකාර රජයට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා සිටියා.

උව, වෙල්ලස්ස හා නැගෙනහිර තෙපළාතේ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද ගංගොඩගම විමලරත්න නාහිමියන්ට සංඝනායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය පිරි⁣නැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් පසුගිය (01) වැනිදා, බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා.

ඌව අමරපුර මහා නිකායේ අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළ අතර ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර විසින් විජිනිපත අභිනව නායක මාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරනු ලැබුවා.

මෙහිදී අභිනව සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ නායක හිමියන් වෙත සුභාශිංසන එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මෙලෙස පවසා සිටියා.

”ඌව පළාත කියන්නේම අපේ රටට ඉතා සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකළ සඟ පරපුරක් බිහි වූ පළාතක්. අපේ නායක ස්වාමීන් වහන්සේ ද ඒ මඟ යමින් උන්වහන්සේගේ 60 වසරකට වැඩි පැවිදි ජීවිතය තුළ ධර්මයෙන් පමණක් නොවෙයි වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුමෙන් ද මේ ප්‍රදේශයට, මේ පළාතේ ජනතාවට විශාල සේවාවක් ඉටු කළා.

උප ගුරුවරයෙක් , පරිවේණාධිපති වහන්සේ නමක් මෙන්ම විදුහල්පතිවරයෙක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන සේවයේ කටයුතු කරමින් උන්වහන්සේගේ දැනුමෙන් අපේ රටේ දරු පරපුර පෝෂණය කරන්නට විශාල දායකත්වයක් දැක්වූ බව අපි දන්නවා.

විශේෂයෙන්ම මේ පළාතේ ඉගෙනීමට අතහිත ලැබිය යුතු සිසු දරුවන්ට 06 ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දීම සහ අනෙකුත් පහසුකම් සැපයීමට මූලිකත්වය ගැනීම, හැකි සෑම විටෙකම පිහිටක් අවැසි ජනතාව වෙනුවෙන් උපකාර කිරීම, ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම වැඩිදියුණු කිරිම වෙනුවෙන් දහම් පාසල් ආරම්භ කිරීම වැනි අපේ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්, මග පෙන්වීමෙන් වගේම උන්වහන්සේගේ කැපවීමෙන් සිදු කරන ලද සමාජ මෙහෙවර ද මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

නව රජයක් ලෙස අපි මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩකොටසක් සිදුකරමින් ඉන්නවා. ඒ නව යුගය තුළ ඔබවහන්සේ මෙන් ජනතාව වෙනුවෙන් පුළුල් සමාජීය මෙහෙවරක යෙදෙන ආගමික නායකයින්ගේ මඟපෙන්වීම සහ උපකාරය රජයට ඉතා වැදගත්.

ඒ වගේම පසුගිය වසරේ ඇතිවූ “දිත්වා “සුළි කුණාටුවේ විශාල බලපෑමක් ඌව පළාතට විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවුණා. දැන් අපි ඒ පීඩාවන්ගෙන් ටිකෙන් ටික සුවපත් වෙමින් ශක්තිමත්ව නැගී සිටින කාල වකවානුවක ඉන්නේ.

ඒ ව්‍යසනයෙන් තමන්ගේ සමීපතමයන්ගේ ජීවිත පවා අහිමි කරගනිමින් ඒ සියලු පීඩාවන් දරාගනිමින් නැවතත් අලුතින් ගොඩනැගෙමින් සිටින ඌව වෙල්ලස්ස හා නැගෙනහිර ජනතාවට ශක්තියක් වීමට අභිනව සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ ඔබ වහන්සේට හැකිවන බව මට විශ්වාසයි.”

අමරපුර මහා නිකායේ ඌව පාර්ශවයේ අනුනායක බදුල්ල මයිලගස්තැන්න බෝධිරුක්ඛාරාමාධිපති පුජ්‍ය වතුපිටියේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රධාන සංඝ රත්නය,ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්, බුත්තල ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07