අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අලුතින් ලබාදෙන විෂය නිර්දේශ මොඩියුල තුළ තවත් අඩුපාඩු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ, අනුව ආගම් හා සාරධර්ම අධ්‍යාපනය (බුද්ධ ධර්මය) මොඩියුලය තුළ ධර්ම චක්‍රය වෙනුවට යොදා ඇත්තේ අශෝක චක්‍රය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේ දී අද (09) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
ඊට පිළිතුරු සපයමින් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ මෙලෙස ඇතුළත් කර ඇත්තේ බෞද්ධ කටයුතු අමාත්‍යංශය විසින් අනුමත කළ සංකේතය බවයි.
මේ පිළිබදව ඊයේ (08) දිනයේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේලා ද දැනුම්වත් කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පොතට ඇතුළත් කර ඇති සංකේතය අනුමත වී ඇති සංකේතය බව උන්වහසේලා ද තහවුරු කළ බවයි පැවසුවේ.




