ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඓතිහාසික අළු බඳුන තරගාවලිය මෙවර ලබන 21 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.
තරග පහකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර ලොවපුරා ක්‍රිකට් ලෝලීන් අතර මහත් උන්මාදයක් ලෙස මෙම තරගාවලිය සැලකෙනවා.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු තරගය, ඕස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දුයවන්නෙක් වන ජොෂ් හේසල්වුඩ් හට අහිමි වන බව වාර්තා වනවා.
ඒ ඔහුගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන මාංශ පේශි ආබාධයක් හේතුවෙන්.
පළමු තරගයෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහුට ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවාද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
1
+1
1















