AFC Banner
Empty Ad
Empty Ad

අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකෙරේ

අහුංගල්ල පොලිස් වසමේ මරදාන ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සිවනෙත්ති පියල් ගාමිණී නැමති 54 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා නිවසේ සාලයේ නිදාසිටි අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් භාවිත කර ඇති බවයි.

මේ අතර බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි අහුන්ගල්ල පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?