AFC Banner
AFC Banner
Empty Ad

අහුන්ගල්ලේ වෙඩි තැබීමට ආ යතුරුපැදිය සොයා ගැනේ – තුවාලකරු ලොකු පැටීගේ ඥාතියෙක්

අහුන්ගල්ල බෝධිය අසල දී ඊයේ (09) පෙරවරුවේ සිදු වු වෙඩිතැබීමට යොදාගත් බවට සැක කරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ දී සොයා ගැනුණා.

අහුන්ගල්ල – පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු අහුන්ගල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා ද වනවා.

එමෙන්ම තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?