අහුංගල්ලේ වෙඩි තැබීමට T56 ගිනි අවිය සැපයූ කමාන්ඩෝ සැරයන් කඳවුර තුළ දී අල්ලයි (ඡායාරූප)

පසුගිය 12 වනදා අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට T56 වර්ගයේ ගිනි අවිය ලබාදුන් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් (RSM) බවයි වාර්තා වන්නේ.

විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් වසමේ දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තු කිලිනොච්චිය කඳවුරේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු විසින් අපරාධය සඳහා ලබාදුන් T56 වර්ගයේ ගිනි අවිය දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුව කිලිනොච්චිය කඳවුරට අයත් T56 – 2612651 අංක දරන ගිණි අවිය බවටයි හඳුනාගෙන ඇත්තේ.

රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට පත් මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය 15 වනදා අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් එම අපරාධය සිදුකිරීමට අදාළව දුරකථන සංවාද පවත්වා ඇති ජංගම දුරකථනයක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පසුගිය 12 වනදා දහවල් ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ බලපිටිය මූලික රෝහලටයි.

අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසුගිය දා මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?