අහුංගල්ලේ බබාගේ පියා ඝාතනයට අනුබල දුන් ‘ආදරේ’ අල්ලයි (වීඩියෝ)

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තැබීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,150ක් ද සොයාගෙන තිබෙනවා.

අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පළාගොස් තිබුණා.

එහිදී කීර්ති ආබෲ නැමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු මේ වනවිට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදීශ ආබෘෘ හෙවත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බවයි අනාවරණය වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයේ ඉඩමක ගිනි තබා විනාශකර තිබිය දී පොලිසිය විසින් පසුව සොයා ගත්තා.

මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් කීර්ති ආබෲ නමැත්තාට වෙඩිතබා පළායන අවස්ථාවේ දී ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16