අසූර් ගුවන් සේවය සංචාරකයින් රැගෙන පළමු වරට ශ්‍රී ලංකාවට (ඡායාරූප)

එළඹෙන ශීත සෘතුව වෙනුවෙන් රුසියානු සංචාරකයින් පිරිසක් මෙරට සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (06) උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) මෙරටට පැමිණි බවයි.

අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය ගුවන් මගීන් 332ක් සමගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමටයි කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණේ.

පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියා.

අද සිට සෑම සතියකම අසූර් එයාර් ගුවන් සේවය රුසියාවේ ප්‍රධාන නගර 05ක සිට, එනම් වෙනිකොව් ( Venukov ), සෙන්ට් පීටර්ස්බර්ග් (St: Petersburg ), ක්‍රොසනොස්කො (Krasnosk), සෝච් ( Sochi ) සහ නොවිසිබිස්ක් (Novosibirsk) යන නගරවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා පැමිණීමට නියමිත බව අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු මොරිස් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම අසූර් එයාර් ගුවන් යානාවලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළඟා වීමට පැය 09.00ක කාලයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30
වැනි දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

20241106 102055 scaled
20241106 101959 scaled
20241106 110326 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?