අසූර් ගුවන් සේවය සංචාරකයින් රැගෙන පළමු වරට ශ්‍රී ලංකාවට (ඡායාරූප)

එළඹෙන ශීත සෘතුව වෙනුවෙන් රුසියානු සංචාරකයින් පිරිසක් මෙරට සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (06) උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) මෙරටට පැමිණි බවයි.

අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය ගුවන් මගීන් 332ක් සමගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමටයි කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණේ.

පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියා.

අද සිට සෑම සතියකම අසූර් එයාර් ගුවන් සේවය රුසියාවේ ප්‍රධාන නගර 05ක සිට, එනම් වෙනිකොව් ( Venukov ), සෙන්ට් පීටර්ස්බර්ග් (St: Petersburg ), ක්‍රොසනොස්කො (Krasnosk), සෝච් ( Sochi ) සහ නොවිසිබිස්ක් (Novosibirsk) යන නගරවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා පැමිණීමට නියමිත බව අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු මොරිස් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම අසූර් එයාර් ගුවන් යානාවලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළඟා වීමට පැය 09.00ක කාලයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30
වැනි දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

20241106 102055 scaled
20241106 101959 scaled
20241106 110326 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44