අසාධ්‍යය තත්ත්වයේ පසු වූ ගනේමුල්ල සංජීව ජීවිතක්ෂයට (වීඩියෝ)

කොළඹ – අලුත්කඩේ උසාවි භූමිය තුළ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ප්‍රබල අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ නොහොත් සංජීව කුමාර සමරරත්න මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ වෙඩි වැදුණු ගනේමුල්ල සංජීව නමැත්තා දැඩි අසාධ්‍යය තත්ත්වයේ පසුවූ බවයි.

කොළඹ අලුත්කඩේ උසාවියේ අධිකරණ අංක 05ට ඉදිරිපත් කිරීමට සැකකරු රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු ව තිබුණා.

නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය අධිකරණ භූමියේ වැටී තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතකයා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?