අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ අටකට සහන මිලට බඩු මල්ලක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.

ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන් හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) මගින් පැකේජය නිකුත් කරනු ඇති.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි, පොරොත්තු ලේඛනයේ සිටින පවුල් අටලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනක් (812,753) සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනවා.

අප්‍රේල් 01 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක අතර
මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මකයි.

මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමූපකාර අලෙවිසැල් ජාලය හා එක්ව “සතුටින් සතොසින්” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16