අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේ දී පවැත්වුණු බවයි.

ඊට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සාමාජිකයින් එක් ව සිටියා.

එහිදී අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?