අසනීප වූ ශ්‍රී ලංකා ධීවරයෙක් සහ ඉන්දීය නාවිකයෙක් නාවික හමුදා සහායෙන් ගොඩබිමට

නැගෙනහිර මුහුදේදී රෝගී වූ ඉන්දියානු නාවික හමුදා සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහය වී තිබෙනවා.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sahyadri’ නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටියදීයි එම නෞකාවේ සිටි ජ්‍යේෂ්ඨ නාවිකයෙකු හදිසියේ රෝගී වී ඇත්තේ.

ඒ අනුව එම නාවිකයා හදිසි ප්‍රථිකාර සඳහා යොමු කිරීමට එම නෞකාව මඟින් අද ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට පැමිණි ‘INS Sahyadri’ නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුද හරහා යාත්‍රා කරමින් සිටියදී ජ්‍යේෂ්ඨ නාවිකයා රෝගී වී තිබෙනවා.

ඔහු රෝගී වීමෙන් කඩිනම් ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ඉන්දියාව බලා පිටත් කර හැරීමට අද දින සවස ත්‍රිකුණමලය වරාය වෙත රැගෙන එන අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසටයි ශ්‍රී ලංකාවේ ඉන්දීය තනාපති කාර්යාලය මඟින් නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර ඇත්තේ.

එම දැනුම්දීමට අනුව ‘INS Sahyadri’ නෞකාව මඟින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අසාද්‍ය තත්වයේ සිටි ඉන්දීය නාවික හමුදා සාමාජිකයා කඩිනමින් චීන වරාය ගුවන් තොටුපල වෙත රැගෙන යාම සඳහා නැගෙනහිර නාවික විධාන රෝහලට අයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ ගිලන් රථයක් යොමු කර තිබුණා.

රෝගියා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් චීන වරාය ගුවන් තොටුපල වෙත රැගෙන ගොස්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දීයාව වෙත රැ‍ගෙන යාමට චීන වරාය ගුවන් තොටුපලට පැමිණි ඉන්දීය ගුවන් හමුදා යානාවක් වෙත භාරදී තිබෙනවා.

මේ අතර ත්‍රීකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය 05 වනදා ධීවරයින් 6 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සෙව්මිණි 3’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුයි මෙලෙස රෝගී වී ඇත්තේ.

ඔහු ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණා.

එම දැනුම් දීමට අනුවයි නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොමු කර ඇත්තේ.

රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33