අවුරුදු 14ක දැරියක් 2022 වසරේ සිට කෙලෙසූ කොස්තාපල් හිරේට

වයස අවුරුදු 14ක දැරියක් 2022 වසරේ සිට දූෂණය කළ බව කියන පොලිස් නිලධාරියෙක් ලබන මැයි මස 09 වනදා දකවා රක්ෂිත බනධාගර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් නිලධාරියා පසුගියදා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම බාල අපරාධ සිද්ධිය පසුගිය 20 වනදා මාවනැල්ල පොලිස් ස්ථානයට වාර්තා වී ඇති අතර, ඒ අනුවයි සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කඩුගන්නාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කාලයේ දී පහළ කඩුගන්නාව, හිඟුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක දැරියක් මෙලෙස දූෂණය කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
10
+1
6
+1
2
+1
11
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?