අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බව සෞඛ්‍ය අංශ පවසති.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය එස්.එම්. ආර්නල්ඩ් මහතා සඳහන් කළේ,

“උත්සව සමය ගතකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නිකුත් කළා. කියන්න කණගාටුයි, අපි නිරීක්ෂණය කළ කරුණු අනුව ඇතැම් පිරිසක් මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගියා. මෙයින් සිදුවන්නේ ඉදිරියේදී වේගයෙන් කොවිඩ් රට තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් ඇතිවීමයි. තත්ත්වය එලෙස දිගින් දිගටම ගියොත් අපිට නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න වෙනවා.”

මේ අතර කොවිඩ් මර්දනය සඳහා අහඹු පරීක්ෂා කිරීම් සිදුනොකර එන්නත මත පමණක්ව සිට රජය කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට ජනතාවල ලබාදී ඇති එන්නත්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීමට ද නිසි වැඩපිළිවෙලක් නොමැති බවය. 

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යවරිය අද (17) ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් -19 මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ සාර්ථක වැඩපිළිවෙලක් ගෙනයන බවය.

“කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙල අපි සාර්ථකව කරගෙන යනවා. ලෝකයේ වෙනත් රටවලට වඩා අපේ රට ඒ සාර්ථකත්වය පෙන්වා තිබෙනවා,” යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28