අවුරා ලංකා සභාපති තාඹුගලගේ ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණ නියෝගයක්

කෝටි හතක මූල්‍ය වංචා සිද්ධියකට සම්බන්ධ බව කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඔුගල විදෙස් බැංකුවල තැන්පත් කර ඇති ගිණුම්වලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණයෙන් එම දෙපාර්තමේන්තුවට නියම කෙරුණා.

විදෙස් බැංකුවල තමන් තැන්පත් කර තිබෙන තමාගේ ගිණුම් විවෘත කිරීම සඳහා රහස් කේත අංක භාවිතා කළ යුතුව ඇති බැවින් තමාට විදෙස් ගතවිය යුතුව ඇති බැවත් එබැවින් තමාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සැකකාර තාඹුගල සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සැකකරගේ විදෙස් ගමන් තහනම ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරිය දැනුම්දුන්නා.

අයි.ඩබ්ලිව්.එස් හෝල්ඩින් සමාගමේ සභාපති ආතර් සේනානායක කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබුණු බවයි වාර්තා වන්නේ.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේමරත්නා මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26