අවි ආයුධ සමඟ හරක් කටාගේ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙකු වැලිගම මිදිගම ප්‍රදේශයේදී අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මිදිගම චින්තක නොහොත් හරක් කටා නැමැති අනවර්ත නමින්ද හදුන්වයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී ඊයේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ. පිස්තෝලයක්, ටී-56 මැගසිනයක්, එම උණ්ඩ 22 ක්, බයිනෙත්තුවක් සහ කඩු 03 ක් ඔහු සතුව තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.