අව්ව, වැස්ස බාධාවක් නොවී තේ දළු කඩන්න වතු කම්කරුවන්ට අලුත් කුඩයක් (ඡායාරූප)

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වාදීමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් අව්වෙන් සහ වැස්සෙන් පීඩාවට පත් නොවී පහසුවෙන් තේ දළු නෙලීම සඳහා මෙම කුඩය හදුන්වා දුන් බවයි වතු අධිකාරි නදීර ගුණසේකර සඳහන් කළේ.

එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ සහ සමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධනගේ සංකල්පයක් මත වතුයායේ තාක්ෂණ නිලධාරින් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හදුන්වා දී තිබෙනවා.

වතු සමාගම විසින් තේ දළු නෙලන වතු කම්කරුවන්ට දැනටමත් සැහැල්ලු බටවලින් සකස් කරන ලද තේ කූඩයක් හදුන්වා දී ඇති අතර,ඊට සමගාමීව මෙම කූඩය හදුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවලින් ඉවත්වන වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රඳවා ගැනිමට සහ තේ කර්මාන්තය කාර්යක්ෂම කිරීමට හදුන්වාදී ඇති මෙම කූඩය රුපියල් 1,600 වැනි පිරිවැයක් දරමින් නිර්මාණය කර තිබෙනවා.

වතු කම්කරුවන්ට හදුන්වා දුන් කූඩය සඳහා පේටන් බලපත්‍රයක් ලබාගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බවයි වතු පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13