AFC Banner
Empty Ad
Empty Ad

අවස්ථා කිහිපයක දී ම පලා ගිය බාල වයස්කාර දැරිය සොයා ගැනේ

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී පලාගොස් සිටි වයස අවුරුදු 15ක් වන දැරිවිය සහ ඇය සමග සිටි බව කියන පුද්ගලයෙකු ව මාවතගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ; මුන්දලම – අගුණවිල, අක්කර 15 පදිංචි ව සිටි වයස අවුරුදු 15 යි මාස 03 ක් වන දැරිවියක් සහ මාවතගම – පහලගම,පිලැස්ස පදිංචි අවුරුදු 23 ක් වන අයෙකු යි.

මෙම දැරිවිය තම ආච්චී සහ සීයා සමග ජීවත් වී ඇති බවට ද හෙළි ව තිබෙනවා.

ඇය අවස්ථා ගණනාවක දී ම හලාවත, මහව, නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි තරුණයින් සමග සම්බන්ධතාවයන් ආරම්භ කර ඔවුන් සමග අඹු – සැමියන් ලෙස ජීවත් වී ඇති බව ද පොලීසිය විසින් හෙළි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති දැරිවිය අධිකරණ නියෝග මත ළමා නිවාසවල රඳවා ද තිබෙනවා.

අවස්ථා කීපයක දී ම ඇය ළමා නිවාසවලින් ද පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවසාන වශයෙන් ඇයව රඳවා තිබී ඇත්තේ කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේ ළමා නිවාසයක යි.

ඉකුත් සැප්තැම්බර් මස 07 වැනිදා ළමා නිවාසයේ භාරකරුවන් විසින් දැරිවිය ව ඇයගේ ආච්චීට සහ සීයාට භාර දී තිබෙනවා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම අනුව බවයි වාර්තා වන්නේ.

ඉකුත් ඔක්තොම්බර් මස 20 වැනිදා ද දැරිවිය තම භාරකවරුවන්ගෙන් මිදී හලාවත – විල්පත පදිංචි තරුණයෙකු සමග පලා ගොස් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

දැරිවිය කැඳවාගෙන ගොස් ඇති තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇති අයෙක්.

ඔහු තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා දැරිවිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබෙනවා.

එම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ දැරිවිය කුරුණෑගල ප්‍රදේශයෙන් පලා විත් නැවත මුන්දලම – අගුණවිල පදිංචි තම ආච්චි සහ සීයා සොයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ලද තොරතුරක් මත ඉකුත් 10 වෙනිදා දැරිවිය ව තම භාරයට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබුණු බවයි අප ප්‍රාදේශීයා වාර්තාකරු පැවසුවේ.

පසුව ඇයව කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.

පොලිස් ආරක්ෂාව යටතේ සිටි දැරිවිය ඉකුත් 13 වෙනිදා සවස 4.00 ට පමණ කිසිවෙකුට නොදන්වා හොර රහසේ ම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

රෝහලෙන් පලා ගොස් ඇති දැරිවිය සොයා ගැනීම සඳහා මුන්දලම පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන දැනුවත් කෙරුණා.

මේ අතර, මාවතගම පොලීසියට ලද තොරතුක් අනුව පහලගම – පිලැස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ වැනිදා දැරිවිය සහ තරුණයෙකු ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති දැරිවිය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මුන්දලම පොලීසියට භාර දීමටයි නියමිත ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
5
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?