අවසන් ටෙස්ට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි – ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රහණය සොයා යන ශ්‍රී ලංකාවට තවත් කඩුලු 09ක් අතැතිව ලකුණු 125ක් ලබාගත යුතුවනවා.

තරගය තුන්වන දිනට ඊයේ (08) නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස්කරගෙන සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 325ක ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 263ක් පමණයි.

අනතුරුව ලකුණු 62ක වාසියක් ද සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියල්ල දැවී ලකුණු 156ක් රැස් කළා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට දෙවන ඉනිම සඳහා ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.

මෙම තරගය පැවැත්වෙන ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන දෙවන ටෙස්ට් තරගය මෙය වන අතර,මිට පෙර ශ්‍රී ලංකාව 1998 වසරේ මෙම ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයකට සභාගීව තිබෙනවා.

එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ පස්වන ටෙස්ට් තරගය එය වූ අතර, එම තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08