AFC Banner
Empty Ad
Empty Ad

අවශ්‍ය විට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා දෙන්නැයි ඉල්ලීමක්

අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් සඳහන් කලේ සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බවයි.

මේ අතර අද කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?