අවමන් සහහත පරාජයකින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන දරුණු පරාජයකින් ආරම්භ කරන්නට අද සිදු වුණා.

ඒ, මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගයි.

අයි.සී.සීය සංවිධානය කරනු ලබන තරගාවලි තුළ ශ්‍රී ලංකා පිළට අපලයක් වී සිටින දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය පළමු පන්දුවාරයේ සිටම අවාසියකට පෙරළන්නට ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පස්දෙනා කටයුතු කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ ලකුණු 77කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් කටයුතු කළා.

පාසල් මට්ටමටත් වඩා අඩු මට්ටමකට වැටුණු ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව ලකුණු 78ක පහසු ඉලක්කය පන්දුවාර 16යි පන්දු 02ක් තුළ කඩුලු 04ක් දැවී තිබිය දී පසුකර යෑමට සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවනනන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ලකුණු 78ක ඉලක්කය ආරක්ෂා කරගන්නට දැඩි උත්සාහයක නිරතවන ආකරය තරගය තුළ දැකගත හැකි වුණා.

කෙසේ වෙත්ත ඔවුන්ගේ පීඩනය මධ්‍යයේ වුවද දකුණු අප්‍රිකානු පිතිකරුවන් එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

ඒ, අනුව කිලෝමීටර් සිය ගණනක් දුරගෙවා නිව් යෝර්ක් හි නසාවූ ක්‍රීඩාංගණයට පැමිණි ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්‍ට සිදුවුණේ පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා පිටියෙන් පිටව යෑමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
17
+1
0
+1
7
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?