අවමන් සහහත පරාජයකින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන දරුණු පරාජයකින් ආරම්භ කරන්නට අද සිදු වුණා.

ඒ, මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පරාජය වීමත් සමගයි.

අයි.සී.සීය සංවිධානය කරනු ලබන තරගාවලි තුළ ශ්‍රී ලංකා පිළට අපලයක් වී සිටින දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය පළමු පන්දුවාරයේ සිටම අවාසියකට පෙරළන්නට ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පස්දෙනා කටයුතු කළා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ ලකුණු 77කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් කටයුතු කළා.

පාසල් මට්ටමටත් වඩා අඩු මට්ටමකට වැටුණු ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව ලකුණු 78ක පහසු ඉලක්කය පන්දුවාර 16යි පන්දු 02ක් තුළ කඩුලු 04ක් දැවී තිබිය දී පසුකර යෑමට සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවනනන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ලකුණු 78ක ඉලක්කය ආරක්ෂා කරගන්නට දැඩි උත්සාහයක නිරතවන ආකරය තරගය තුළ දැකගත හැකි වුණා.

කෙසේ වෙත්ත ඔවුන්ගේ පීඩනය මධ්‍යයේ වුවද දකුණු අප්‍රිකානු පිතිකරුවන් එම ඉලක්කය පසුකර යමින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

ඒ, අනුව කිලෝමීටර් සිය ගණනක් දුරගෙවා නිව් යෝර්ක් හි නසාවූ ක්‍රීඩාංගණයට පැමිණි ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්‍ට සිදුවුණේ පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා පිටියෙන් පිටව යෑමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
17
+1
0
+1
7
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48