මධ්‍යම කඳවුර පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේ, ඊයේ (04) රාත්‍රියේ කුඹුරු ඉඩමක් අසලදී පොල්ලකින් හා අතින් පයින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 සහ 21 යන වයස් සීමාවන්ගෙන් පසුවන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වූ වීරගොඩ, දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයික් පොලිසිය පවසන්නේ.
පසුගිය 24 වන දින විවාහ මංගල්‍ය උත්සවයකදී ඇති වූ ආරවුලක් මත එම සිද්ධිය සම්බන්ධව නැවත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන් ඇත්තේ දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.
සැකකරුවන් අද (04) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මධ්‍යම කඳවුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .















