AFC Banner
Empty Ad
Empty Ad

අවට පරිසරයේ මේ සලකුනු දුටුවාද…?

සොබාදහම කියන්නේ හිත නිදහස් කරන්න සැහැල්ලු කරන්න තියෙන නැවුම් ක්‍රමයක් උනාට ඒකෙත් ආවේණික වුණු අන්තරාදායක දේවල් තියෙනවා. වනාන්තරය , සාගරය ලස්සන ආකර්ෂණීය ස්ථාන උනාට මේ හැම තැනකම වගේ ඒ ලස්සන එක්ක එක හා සමාන අනතුරුදායක තැන් තියෙන්න පුළුවන් වාසනාවකට වගේ සොබාදහම තුලම අපිට ඒ ගැන අනතුරු අඟවන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි ඔබ මේ සංඥා ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් ඔබව  අවාසනාවන්ත ස්වභාවික විපතක ගොදුරක් වෙන්න ඉඩක් තියෙනවා.

මුහුදු ජල මට්ටමේ හදිසි පහළ බැසීම

පැසිපික් සාගරය අවට මුහුදු ජල මට්ටම පහත වැටෙනවා නම් ඔබ ඉන්නේ සුනාමි අනතුරු සහිත කලාපයක. ඔබ වහාම  ආරක්ෂිත දුරකට ඉවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් සුනාමි ඇති වෙන්නේ පොලව යට ඇතිවන භූමිකම්පාවක් හේතුවෙන් ඊට ඉහලින් තියෙන ජල තරංග පැයට සැතපුම් 500 ක වගේ වේගයෙන් සාගරය හරහා ගලා යනකොට.

image 22
මට්ටමේ හදිසි පහළ බැසීම

අහසේ ඇතිවන වළාකුළු බැම්මක්

අහසේ ඇතිවන වළාකුළු බැම්මකින් පෙන්නුම් කෙරෙන්නේ ළඟ ළඟම ඇති වෙනසුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක් . වාතයේ පීඩනය ඉක්මනට වැඩිවෙනකොට වළාකුළු සාමාන්‍යයෙන් පහලට ඇවිල්ල කුණාටුවට පහලින් වළාකුළු බැම්මක් හදනවා. මේක සැතපුම් 5ක් වගේදුරකට පැතිරෙන්න වුනත් පුළුවන්. කොහොම වුණත් මේ වලාකුළු බැම්මට ඇතිවෙන භ්‍රමණය බොහොම විනාශකාරී ටොනේඩෝ එකක් බවටත් පත් වෙන්න පුළුවන්

Scary Clouds That Look Like Tornadoes - Farmers' Almanac
ඇතිවන වළාකුළු බැම්මක්

මුහුදු වෙරළේ පිළිවෙළක් නැති මුහුදු රැලි ඇතිවෙනවා නම්

මුහුදු වෙරළෙ ඉන්න අවස්ථාවක සුන්බුන්, මුහුදු ශාක එහෙමත් නැත්නම් පිළිවෙලක් නැති ජල තරංග වෙරළින් ඈත් වෙලා එක්තරා නිශ්චිත ප්‍රදේශයකට ඉවත් වෙනවා නම් , ඒ අනතුරු සංඥාවක්.  එතන ලොකු සම්භාවිතාවක් තියෙනවා බොහොම විනාශකාරී දිය වැලක් ජල මතුපිටින් ආරම්භ වෙන්න. ඒ වගේම ජල තරංග අතර ඇතිවෙන වැඩි ඉඩකඩක් හෝ වර්ණය වෙනස් වුණු ජල තරංග කොටසක් මතුවෙන එක අනිත් සංඥා විදියට දකින්න පුළුවන් එවන් අවස්ථාවක ඔබ වතුරේ ඉන්නවා කියන්නේ ඒක බොහොම අනතුරුදායකයි. එහෙම අවස්ථාවක ජල තරංග මගහරිමින් ඊට සමාන්තරව වෙරළ දෙසට පිහිනන එක තමයි ඔබට කරන්න පුළුවන් හොඳම දේ.

Shaping the Beach, One Wave at a Time – Woods Hole Oceanographic Institution
මුහුදු වෙරළේ පිළිවෙළක් නැති මුහුදු රැලි ඇතිවෙනවා නම්

සතුන් ඔවුන්ගේ නිවාස හැර යනවා නම්..

මීයො ,සර්පයෝ ,කෘමියන් වගේ සතුන් ඉන්න ස්ථානවලින් ඉවත් වෙලා යනවා නම් ඔබටත් ඔබේ නිවසෙන් ඉවත් වෙන්න කාලය ඇවිල්ලා තියෙන්නෙ. ක්‍රිස්තු පූර්ව 373 වගේ කාලයක ඉඳන් ග්‍රීසියේදී මේ වගේ සත්තු විශාල සංඛ්‍යාවක් එක්වර නිවාසවලින් එළියට ආව අවස්ථා සටහන් වෙලා තියෙනවා භූමිකම්පාවලට කලින්. හැබැයි භූමිකම්පාවක් සිද්ධ වෙන්න තත්පර ගානක් නිසා ඔබ පුළුවන් තරම් ඉක්මනින් ඔබේ නිවසින් පිටවිය යුතුයි.

රන් පියාපත් ඇති බට්ටිච්චන් එක්වරම එක දිශාවට ඉගිලෙනවා දැක්කොත් ඒ ළඟ ළඟම එන දරුණු සුළි කුණාටුවක ලක්ෂණයක්. මෙහෙම දෙයක් සිද්ධ වුනොත් ඔබට තාවකාලිකව ඔබ සිටින ස්ථානය වෙනස් කරන්න වුණත් හිතන්න වෙනවා. මිනිස්සුන්ට ඇහෙන්නේ නැති තරමේ තරංග කුරුල්ලන්ට හරිම ලේසියෙන් ඇහෙනවා.

Beautiful Murmurations - Bird Swarms-Large Flock of Starlings
සතුන් ඔවුන්ගේ නිවාස හැර යනවා නම්..

සඳ වටා හෝ සූර්යයා වටා හෝ ඇතිවන රැස්වළල්ලක් තිබෙනවා නම්..

හඳ වටේ හරි සූර්යයා වටේ හරි අද්භූත සිහින් දිලිසෙන රැස් වලල්ලක් දකින්න තියෙනවා නම් ඒකත් අනතුරක පෙරනිමිත්තක්. සාමාන්‍යයෙන් මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ කුණාටුවකට කලින් ළඟ ළඟම එන වැස්සත් එක්ක ඊළඟ පැය විසි හතරක් , හතළිස් අටක කාලයක් ඇතුළත දරුණු වැසි ඇදහැලෙන පුළුවන් කියලා මේකෙන් කියවෙනවා. ඉතින් ඒ වෙලාව හොඳටම ඇති ඔබට ආරක්ෂිත පරිසරයකට යන්න.

image 23
සඳ වටා හෝ සූර්යයා වටා හෝ ඇතිවන රැස්වළල්ලක් තිබෙනවා නම්..

මුහුදු වෙරළට මාළු ගොඩගසා තියෙනවා නම්..

මුහුදු වෙරළට ගොඩගැසූ මාළු සහ මුහුදුජීවීන් විශාල ප්‍රමාණයක් එකවර වෙරළට ගොඩගසා තියෙනවා නම් ඒ ජලය විෂ සහිත වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකට හේතුව විෂ සහිත ඇල්ගීවලින් ඇතිවෙන රතුපාට රළ වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවක මුහුද පාට රතු හෝ දුඹුරු පාටක් ගන්නවා, සමහර විට පැහැදිලි වතුර ම තියෙන්න පුළුවන්.

At Least 40 Tonnes Of Dead Fish Wash Up On Shore Of Polluted Lake In Lebanon
මුහුදු වෙරළට මාළු ගොඩගසා තියෙනවා නම්..

සුනඛයන්ගේ අපූරු සංවේදන

මේක ස්වභාවික ව්‍යසනයක් නොවුනට පිළිකාව කියන්නෙත් එක්තරා ආකාරයක ව්‍යසනයක්.  වාසනාවකට වගේ  සුනඛයන්ට ඉතා ඉක්මනින් ඒ වගේ පිළිකා සෛල සහ ටියුමර හඳුනා ගන්න පුළුවන්. ඔබේ සුනඛයා හදිස්සියෙම සහ නොනවත්වාම ඔබේ ශරීරයේ තැනක් ඉව අල්ලනවා හෝ ලෙවකන්නට තැත් කරනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුය. සුනඛයන්ට ඉව ඇල්ලීම තුළින් පිළිකා හඳුනාගැනීම වගේම පිළිකා රෝගීන් ගේ මුත්‍රා සහ සාමාන්‍ය පුද්ගලයෙකු මුත්‍රා හඳුනා ගැනීමටත් හැකියාවක් තියෙනවා.

17,430 Man Hugging Dog Stock Photos, Pictures & Royalty-Free Images - iStock
සුනඛයන්ගේ අපූරු සංවේදන

අහස කොළ පාටට පේනවා නම්..

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ, ඒ වගේම අහස පෙන්න ලස්සන පාට හැමවෙලේම දේදුන්නක් වෙන්නෙත් නැහැ. ළඟම එන අකුණු ගැසීම් නිසා අහස කොළපාට වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ සූර්යයාගෙන් ලැබෙන රතුපාට ආලෝකය අකුණු ගැසීම් වලට යටින් එන නිල් ආලෝකයත් එක්ක මිශ්‍ර වෙලා. ඉතින් ඔබ අහසෙ කොළපාට දකිනවා නම් ඒ අකුණු වළාකුළු ඉතාම උසයි වගේම බොහොම දරුණු ටෝනේඩෝවක් ළඟ එනවා.  එහෙම වෙලාවක පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂක ස්ථානයකට යන්න. මොකද කොළපාට කියන්නේ බොහොම දරුණු කාලගුණයක් පෙන්නන අනතුරු ඇඟවීමක්.

What Causes the Sky to Turn Green Before a Thunderstorm? - DTN
අහස කොළ පාටට පේනවා නම්..

අහසේ සිදුරක් ඇති වෙලා නම්..

සාමාන්‍යයෙන් සිදුරු විදින වළාකුළු කියලා හඳුන්වන අහසේ ඇතිවන සිදුරු තවත් අනතුරු සංඥාවක්. මේ මොනවද? ඒව කොහොමද ඇති වෙන්නේ? මේ සිදුරු ඇති වෙන්නේ ඉතා සියුම් බිඳිති වළාකුළුවලින්. අවට උෂ්ණත්වය හිම මිදෙනවට වඩා අඩු උෂ්ණත්වයක් වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ වළාකුළු හැදෙන්නේ. කොහොම වුණත් මේ වළාකුළු හිම වගේ මිදිලා නැහැ, ඒව පහු කරගෙන යන්න ගුවන්යානාවලින් තවත් උෂ්ණත්වය පහළ වැටෙන කොට ඒවා මිදෙන්න පටන් ගන්නවා.

එතකොට වළාකුළු වල අයිස් කුට්ටි වැඩි වෙලා ඒවා බිමට වැටෙන්න පටන්ගන්නවා. වටේ තියෙන ජල බිඳිති වාෂ්ප වෙලා ලොකු සිදුරක් හැදෙනකොට අයිස් කැඩෙනවා. බැලූ බැල්මට අපිට කරදරයක් නෑ වගේ පෙනුනට මේ අයිස් කුට්ටියක් අහසින් වැටිලා ඔබට ඔබේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න

Hole in the Sky | Another image for my Conspiracy Theory fri… | Flickr
අහසේ සිදුරක් ඇති වෙලා නම්..

ස්වභාවික විපත් කියන්නේ ටිකක් බරපතළ ලෙස සැලකිලිමත් වෙන්න ඕන දේවල් නිසා මේ අනතුරුදායක සංඥාවලට අවධානය යොමු කරලා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ඔබත් මේ වගේ සලකුණු දන්නවනම් අපිටත් ඒ ගැන කියන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?