“අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්” විදේශ ප්‍රතිපත්ති විවරණය එළිදැක්වේ

ෆැක්ටම් චින්තන පර්ෂදය විසින් ” අලුත් ශ්‍රී ලංකාවක් සදහා ප්‍රවේශයක්” නමින් විදේශ ප්‍රතිපත්ති විවරණයක් එළිදැක්වීම කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී සිදු වී තිබෙනවා.

කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එම කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ෆැක්ටම් හි අධ්‍යක්ෂ සහ උපදේශක ආචාර්ය රංග කලංසූරිය මහතා කියා සිටියේ රටේ පළාත් 9ම ආවරණය වන පරිදි පවත්වන ලද උපදේශන වැඩමුළු සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල තොරතුරු මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා පදනම් කරගෙන ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සාමාජිකයින්, විදේශ අමාත්‍යාංශයේ විශ්‍රාමික ලේකම්වරු, තානාපතිවරුන් ඇතුළු කීර්තිමත් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ පරිපාලන සේවා නිලධාරීන් සමඟ කතුවරයා විසින් සිදු කරන ලද ගැඹුරු සම්මුඛ සාකච්ඡා මෙම ග්‍රන්ථයට ඇතුළත්.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පර්යේෂකයන් වයස අවුරුදු 30ට අඩු අය වීම විශේෂත්වයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා කැප වූ බවත් මෙම සියලු කටයුතු ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය වූ රටක් පිළිබඳ දැක්මට සමපාත වන බවත් රංග කලංසූරිය මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආශ්‍රිත කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනාගතය සඳහා රටේ උපායමාර්ගික දිශානතිය හැඩගස්වන බවට වු සහතිකයක් මෙම ග්‍රන්ථය හරහා ලබා දී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26