“අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්” විදේශ ප්‍රතිපත්ති විවරණය එළිදැක්වේ

ෆැක්ටම් චින්තන පර්ෂදය විසින් ” අලුත් ශ්‍රී ලංකාවක් සදහා ප්‍රවේශයක්” නමින් විදේශ ප්‍රතිපත්ති විවරණයක් එළිදැක්වීම කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී සිදු වී තිබෙනවා.

කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එම කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ෆැක්ටම් හි අධ්‍යක්ෂ සහ උපදේශක ආචාර්ය රංග කලංසූරිය මහතා කියා සිටියේ රටේ පළාත් 9ම ආවරණය වන පරිදි පවත්වන ලද උපදේශන වැඩමුළු සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල තොරතුරු මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා පදනම් කරගෙන ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සාමාජිකයින්, විදේශ අමාත්‍යාංශයේ විශ්‍රාමික ලේකම්වරු, තානාපතිවරුන් ඇතුළු කීර්තිමත් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ පරිපාලන සේවා නිලධාරීන් සමඟ කතුවරයා විසින් සිදු කරන ලද ගැඹුරු සම්මුඛ සාකච්ඡා මෙම ග්‍රන්ථයට ඇතුළත්.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පර්යේෂකයන් වයස අවුරුදු 30ට අඩු අය වීම විශේෂත්වයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා කැප වූ බවත් මෙම සියලු කටයුතු ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය වූ රටක් පිළිබඳ දැක්මට සමපාත වන බවත් රංග කලංසූරිය මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආශ්‍රිත කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනාගතය සඳහා රටේ උපායමාර්ගික දිශානතිය හැඩගස්වන බවට වු සහතිකයක් මෙම ග්‍රන්ථය හරහා ලබා දී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12