දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටලුව පාරිසරික තිරසරභාවය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල අවසාන ප්රතිඵලයයි.
මේ නිසා වාර්ෂිකව මියයන වන අලි සංඛ්‍යාව මෙන්ම අහිමි වන මිනිස් ජීවිත ගණනත් අතිවිශාලයි. අලි මිනිස් ගැටුමේ ආර්ථික හානිය ද සුලුපටු නැහැ.
දිනපතා ගම් වදින වන අලි රංචුවක් තම වගාවන්ට බරපතල විනාශයක් සිදු කර ඇතැයි අනුරාධපුර නෑගම්පහ ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා.
සියඹලෑව, අඹගස්වැව සහ සියඹලන්ගමුව ඔය පහළ ප්‍රදේශයේ ගොවි බිම් වන අලි විසින් විනාශ කර දමා තිබුණා.
කහල්ල පල්ලෙකැලේ රක්ෂිත ප්‍රදේශයේ සහ රැස්වෙහෙර රක්ෂිත ප්‍රදේශයේ සිටින වන අලි දින කිහිපයක සිට මෙලෙස ගම් වදින බව ගොවීන් පවසනවා.
මේ අතර අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගය, ලෝලුගස්වැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක ද නිරත වුණා.
ඔවුන් මේ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී තිබෙනවා. නමුත් හාස්‍යයට කරුණ නම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් රිලවුන් එළවීම සඳහා උපදෙස් ලබා දී තිබීමයි.