ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයේ උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනාට සහ එහිම අලුත උපන් අනෙක් අලි පැටවාට නම් තැබීමේ උළෙල එළඹෙන ජනවාරී මාසයේ දී පැවැත්වීමට නියමිතයි.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම අලි පැටවුන් උපන් වේලාව අනුව සුදුසු අක්ෂර සොයා බැලීමෙන් අනතුරුව ඔවුන්ට නම් තැබීම සිදු කරන බවයි.
ඒ සඳහා දැනටමත් නම් කිහිපයක් යෝජනා වී තිබෙනවා.පින්නවල අලි අනාතාගාරයේ උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනාට සද්ජන සහ දිසා යන නම් යෝජනා වී ඇති අතර දිසා යන නම යෝජනා වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ නමෙහි වාසගමෙන් කොටසකින් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




