අල්ලස් ගත් විනය නිලධාරියෙකු හා ආරක්ෂක නිලධාරියෙකු මැයි 09 තෙක් රිමාන්ඩ්

විනය සෙවීම පැමිණිලිකරුට හානි නොවන ආකාරයෙන් පවත්වමින් ඔහුට නැවත සේවාවට එක්විය හැකි වන පරිදි කටයුතු කර දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයෙහි නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් මැයි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිණි මහත්මිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු නවරත්නම් දේවියමහිම් සහ ආරක්ෂක නිලධාරියෙකු වන තංගරාජා කෝවිදරාජා යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

වවුනියා – ත්‍රිකුණාමලය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයා වූ පැමිණිලිකරු, මගියෙකුට ටිකට්පතක් නිකුත් නොකිරීමක් සම්බන්ධයෙන් සේවයෙන් අත්හිටවනු ලැබූ අතර, එම විනය සෙවීම පැමිණිලිකරුට හානි නොවන ආකාරයෙන් පවත්වමින් ඔහුට නැවත සේවාවට එක්විය හැකි වන පරිදි කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල දෙවන සැකකරු වන ආරක්ෂකයා විසින් ගෙන පළමු සැකකරුට ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2025 අප්‍රේල් 22 වැනිදා ආරක්ෂක නිලධාරියා සහ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26