Update :- අල්ලස් කොමිසමට ආ රනිල් පිටව යයි

අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර හිටපු ජනාධිපතිවරයා පැමිණි කාර්‍යය නිමාවට පත් කරමින් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

පැය තුනකට අධික කාලයක් අල්ලස් කොමිසමේ රැඳී සිටි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පිටු 10ක කටඋත්තරයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ව පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ ව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීම සඳහා මීට පෙර අවස්ථා දෙකක දී හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙසට කැඳවීම් ලැබී තිබුණා.

නමුත් සිය නීතිඥවරයා විදෙස්ගත වී ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා එම අවස්ථා දෙකෙහිදී ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?