Update :- අල්ලස් කොමිසමට ආ රනිල් පිටව යයි

අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර හිටපු ජනාධිපතිවරයා පැමිණි කාර්‍යය නිමාවට පත් කරමින් පිටව ගිය බවයි වාර්තා වන්නේ.

පැය තුනකට අධික කාලයක් අල්ලස් කොමිසමේ රැඳී සිටි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පිටු 10ක කටඋත්තරයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ව පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ ව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීම සඳහා මීට පෙර අවස්ථා දෙකක දී හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙසට කැඳවීම් ලැබී තිබුණා.

නමුත් සිය නීතිඥවරයා විදෙස්ගත වී ඇති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා එම අවස්ථා දෙකෙහිදී ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42