අල්ලස් ඉල්ලූ වරදට අමාත්‍යවරයෙකුගේ හෙංචයියන් තිදෙනෙකු තවදුරටත් සිපිරිගෙට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් වැලි බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබාගත් ප්‍රබල පරිසර රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙක් සහ නිලධාරීන් දෙදෙනකු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

සිය සේවාදායකයන් දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔවුන්ව ඇප මත මුදා හරින ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ යු.ආර්.ද සිල්වා මහතා සහ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඉල්ලා සිටියා.

එහෙත් තවමත් විමර්ශන අවසන් නැති බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා සිටියා.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ; අල්ලස් පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට ඇප දීමට තම අධිකරණයට බලයක් නොමැති බැවින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.

එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කර ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

පැමිණිලිකරුට වැලි කැණීම් බලපත්‍ර ලබාදීම සඳහා සකස් කර තිබියදි එය ලබා නොදෙන ලෙස අදාළ රාජ්‍ය අමාත්‍යවරයා විසින් භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරීන්ට බලපෑම් කර ඇති බව ද සොයා ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවා.

එම සැකකාර පුද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් කාර්‍යාලයේ සිටි ඔහුගේ අනුගාමිකයන් විශාල වශයෙන් බලපෑම් කළ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙහි පළමු සැකකරු රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්වීම ලබාගත් පත්විම් ලිපිය ද මේ වන විට අමාත්‍යාංශයේ ඇති ලිපිගොනුවලින් අතුරුදන්ව ඇති බව ද විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා සිටියා.

එසේ නම් අත්අඩංගුවට ගත යුත්තේ රාජ්‍ය අමාත්‍යවරයා මිස තම සේවාදායකයන් නොවන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කළා.

ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුවිශේෂී කරණු ඉදිරිපත් කළ යුතු බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පැවසූ බවයි අධිකරණ වාර්තාකාරිණිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47