අලවතුගොඩ කුඹුරකින් හමුවූ තරුණියගේ සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරකින් හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.

අද උදෑසන මෙලෙස හමුවී ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියකගේ සිරුරක්.

බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණා.

පොලිසිය සකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බවට පවසා පිටව ගොස් ඇතැයි සඳහන්.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවට ද ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙය ඝාතනයක් බවට පොලිසියට සැක මතු වී ඇති අතර සැකකාර සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33