spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලවතුගොඩ කුඹුරකින් හමුවූ තරුණියගේ සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරකින් හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.

අද උදෑසන මෙලෙස හමුවී ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියකගේ සිරුරක්.

බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණා.

පොලිසිය සකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බවට පවසා පිටව ගොස් ඇතැයි සඳහන්.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවට ද ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙය ඝාතනයක් බවට පොලිසියට සැක මතු වී ඇති අතර සැකකාර සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?