රජයට අයවිය යුතු රුපියල් 1, 035,473, 988ට අධික වැට් බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ හමුවේ නඩු පවරනු ලැබුවා.
ඔවුන්ට ලබන ඔක්තෝබර් මස 13 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අද (30) නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
වග උත්තරකරුවන් 2019/2020 වර්ෂවලට අදාළ රුපියල් 1,035,473,988 වැට් බදු මුදලක් නොගවා පැහැර ඇති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතීඥ දිනේෂ් පෙරේරා මහතා කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මෙසේ නියම කෙරුණා.
වැට් බදු නොගැවීම සම්බන්ධයෙන් මීට පෙර ද වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර බදු නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන්ට මාස හයක සිර දඬුවම් ද නියම කර තිබුණා.





