අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකුට තවත් නඩුවක් ගොනු වෙයි

රජයට අයවිය යුතු රුපියල් 1, 035,473, 988ට අධික වැට් බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ හමුවේ නඩු පවරනු ලැබුවා.

ඔවුන්ට ලබන ඔක්තෝබර් මස 13 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අද (30) නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වග උත්තරකරුවන් 2019/2020 වර්ෂවලට අදාළ රුපියල් 1,035,473,988 වැට් බදු මුදලක් නොගවා පැහැර ඇති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතීඥ දිනේෂ් පෙරේරා මහතා කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මෙසේ නියම කෙරුණා.

වැට් බදු නොගැවීම සම්බන්ධයෙන් මීට පෙර ද වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර බදු නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන්ට මාස හයක සිර දඬුවම් ද නියම කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04