AFC Banner
Empty Ad
Empty Ad

අරගලයට නව ජවයක් දෙන්න සුදානම් – ජාතික ජනබලවේගය කියයි

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.

ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය,

“මේ ජනතා අරගලය තේරුම් ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒ අරගලය ආරම්භ වූ ආකාරය, වර්ධනය වූ ආකාරය, ඉල්ලීම්, එහි කවුරුද ඉන්නේ යන කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුණා නම් ආණ්ඩුවට තේරුම් ගන්න තිබ්බා.”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.”

“ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා. නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?