ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.
ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය,
“මේ ජනතා අරගලය තේරුම් ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒ අරගලය ආරම්භ වූ ආකාරය, වර්ධනය වූ ආකාරය, ඉල්ලීම්, එහි කවුරුද ඉන්නේ යන කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුණා නම් ආණ්ඩුවට තේරුම් ගන්න තිබ්බා.”
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.”
“ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා. නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි.”














අරගලයේ පිටුපස මේතාක් කල් සිටියේ කවුද කියා හොඳට වැටහෙනවා. ජවිපෙ අරගලයට එන්න කියා මුලින්ම ජතාවට කතා කලත් ජනයා අවේ නැහැ. ඉන් පස්සේ වෙන ක්‍රමයකින් අරගලය දියත් කරලා, NPP එකේ සාමාජිකයන් වන Ex කණඩායම් හෙවත්, නව පරපුර හෙවත් රැඩිකල කණඩායම හරහා සන්නස්ගල නායකත්වයේ තබමින් අරගලය හැසිරෙව්වා. දැන් මේතාක් තමා හොරෙන් ගෙන් ගිය අරගලයට නම් අවජාතක වගේ පෙන්වමින් සිටි JVP දරුවාට , තමා ජාතක කරපු පියා ඇවිත් නම දීලා තමාගේ පවුලේ එකෙක් කියා රට ඉදිරියේ පිළිගනිමින්, ඉදිරියට මෙතෙක් හොරෙන් ගෙන ගිය වැඩපිළිවෙල ජවිපෙ වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට ගෙන් යාමටයි මේ සුදානම. ජවිපෙ කියන දේට ඍජුව පාරට බහින්න මිනිස්සු සුදානම් නැති බව ජවිපෙ දන්න නිසයි මේ උප්පරවැට්ටිය කලේ. මේකේ පිටුපස කෙලින්ම ඉන්නේ ඇමෙරිකාව, නවසිලන්ත, ඉන්දියාව, CIA එක හා RAW එක. ඒ වගේම ගෝටා පස්සේ ඉන්නෙත් මේ අයම තමා. දැන් මෙයින් හිතා ගන්න ඕනේ ඇයි මේ විදෙස් බලවේග මෙහෙම දෙබිඩි ගේම් එකක් ගහන්නේ කියා? මොකද්ද ඔවුන්ගේ අවසාන අරමුණ. ගෝටා ඇතුළු හොර නාඩය ගෙදර යවන්නම් ඕනේ . නමුත් ඒ කියා රට මාක්ස් වාදී බලවේගයකට අහු නොවෙන්න ඉඩ නොදී ඒව වැඩේ කරන්න ඕනේ . මේ වෙලාවේ ජනතාව ඉතා බුද්ධිමත් විය යුතුය.