අය නොකිරීමට තීරණය කළ බද්දක් නැවතත්

ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරේදී පමණක් අක්කර බදු අය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම වසරේ (2024) සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණා

අක්කර බදු වශයෙන් රජය අක්කරයකට රුපියල් 100ක මුදලක් අය කෙරේ.

මෙයින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක්.

කෙසේ වෙතත් එම බදු අය කිරීම සඳහා ඊට වඩා මුදලක් වැය වන බැවින් මෙම වසරේ සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණා.

කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමෙන් පසුව අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?