අවුරුදු 14ක ළමයෙක් පහර දී ඝාතනය කරලා – ළමයාගේ පියා සැකපිට අල්ලයි

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (02) රාත්‍රී කාලයේ ළමයෙකුට පහර දෙන බවට නූරිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

එම අවස්ථාවේ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිටියදී නිලධාරීන් විසින් ළමයා නූරිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ ළමයා රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්.

මෙම ළමයාගේ මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට සැකපිට ළමයාගේ පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32