රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ තරුණයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
25 හැවිරිදි මෙම සැකකරු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 200,000ක මුදලක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.
වත්තල පොලිස් වසමේ ඇවරියාවත්ත පාර ප්‍රදේශයේ දී මෙම මෙහෙයුම සිදු කෙරුණා.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 513 මිලි ග්‍රෑම් 920ක් සොයා ගැනුණා.
මොහු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





