AFC Banner
Empty Ad
Empty Ad

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ප්‍රදේශ දෙකකින් අල්ලයි

පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා ඒ අක්කරෙයිපත්තු, ඔලුවිල් ප්‍රදේශයේ දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති අතර එහිදී මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ අර්ධ වශයෙන් මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු  20ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මීට අමතරව මෙම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ රැසක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 29 සහ 37 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කොළඹ අලුත්කඩේ අධිකරණයට අද (16) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?