අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ප්‍රදේශ දෙකකින් අල්ලයි

පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා ඒ අක්කරෙයිපත්තු, ඔලුවිල් ප්‍රදේශයේ දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති අතර එහිදී මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ අර්ධ වශයෙන් මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු  20ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මීට අමතරව මෙම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ රැසක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 29 සහ 37 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කොළඹ අලුත්කඩේ අධිකරණයට අද (16) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09