විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියැං අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව, 2027 වසරේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය මෙන්ම ‘රබර් – සහල්’ ගිවිසුමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා වන සූදානම සාකච්ඡා වී ඇති බව සඳහන්.










