දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කණුව ආසන්න ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා.
වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.
අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි වාර්තා වුණේ.
අධිවේගී මාර්ගයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ පෙරළී ගිය මෝටර් රථය ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
