කරන්දෙණිය පොලිස් වසමේ 03 කණුව ප්‍රදේශයේ දී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
අද (21) උදෑසන සිදුකළ මෙම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු වයස අවුරුදු 39 ක් වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු හෙට (22) දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1
1




